Gossips

Update – තායි ලෙනේ සිරවූ ළමයින් 4 දෙනෙකු බේරා ගනී

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනාගෙන් 04 දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ළමයින් හතර දෙනා ලෙන ආසන්නයේ ඇති රෝහලකට මූලික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි.
Update :- Sunday, July 8, 2018 7.10 pm
————————————————–
සති දෙකකට අධික කාලයක් පුරා තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ ජලයෙන් පිරුණු තාම් ලුවන් ලෙන් සංකීර්ණය තුළ සිරවී සිටි යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් දොළොස්දෙනා අතුරින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.
පසුගිය ජුලි 23 වනදා සිට ඔවුන් ජලය පිරුණු ලෙනෙහි සිරවී සිටින අතර, කඩිනම් මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේ මෝසම් වැසි ඇතිවීමේ අවදානමත් සමඟයි.