Gossips

දැඩි සුළඟකින් දකුණු පළාතේ නිවාස කිහිපයකට හානි

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට හමාගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
බෙලිඅත්ත ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක වහලක් මතට ගසක් කඩාවැටීමෙන් සිසුන් 6 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ එක් සිසුවෙකු තංගල්ල රෝහලට මාරුකර යැවීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හමාගිය සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 3 කට සුළු හානි සිදුව ඇති අතර, විදුලි රැහැන් පද්ධතියකට ගසක් කඩාවැටී ඇති බවටද තොරතුරු වාර්තාවුණා.
මේ අතර පුත්තලම සිට කොළඹ, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව ඉතා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.