Gossips

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය ඔන්න මෙන්න තිබියදී ශ්‍රී ලංකා ප්‍රබලයින් තිදෙනෙකුට තරඟාවලියේ දොරටු වැසෙන්න යන ලකුණු

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ලබන 12 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
මේ තරඟාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් , ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහට අහිමි වීමේ අවදානමක් මතු වී තිබෙනවා.
මීට හේතු වී තිබෙන්නේ කොදෙව් ටෙස්ට් තරඟාවලිය අතරතුර තරඟයට පැමිණීම පමා කිරීම හේතුවෙන් එල්ල වූ විනය විරෝධි හැසිරීමේ චෝදනාව අනිද්දා විභාගයට ගැනීමට නියමිතව තිබීමයි.
එම විභායේදී ඔවුන් තිදෙනා වරදකරුවන් වුවහොත් තරඟ තුනක පමණ තරඟ තහනමක් පැනවීමට ඉඩ තිබෙනවා.
ඒ අනුව අනිද්දා පැවැත්වෙන විභාගයේදී ඔවුන් වරදකරුවන් වුවහොත් ඔවුන්ට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය අහිමිව යනු ඇති.