Gossips

ලොරි රථයක් ඇළකට පෙරළෙයි

හැටන් සිට නෝර්වුඩ් – අයර්බි වතුයාය දක්වා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ඇළකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
අදාළ ලොරි රථය කාසල්රී ජලාශයට ජලය ගලා බසින අයර්බි ඇළ මාර්ගයට අද දහවල් පෙරළී ගොස් ඇති අතර, ඉන් ලොරියේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.