මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඇගයීම සතිපතා සිදුකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල උච්චාවචනයන්ට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කිරීමට එමඟින් හැකිවනු ඇති බවයි.
ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.
පසුගිය 5 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළද පෙරේදා දහවල් සිට පැවති මිලට ඉන්ධන අලෙවි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.
කෙසේ වෙතත් ලංකා අයි. ඕ.සී. සමාගම වැඩිකල මිලටම ඉන්ධන අලෙවි කරන බවයි පෙරේදා ප්‍රකාශ කළේ.
මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්ධන සඳහා වැයවන අතිවිශාල මුදල භාණ්ඩාගාරයට දැරිය නොහැකි බවයි.
දැන් ඊට පිළියමක් ලෙස ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දී තිබෙනවා.
එය ක්‍රියාවට නැංවීම අවශ්‍යතාවක් බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළා.
මේ අතර ඉන්ධන මිල තීරණය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බලයක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ කියා සිටියේ.
අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව ඉන්ධන මිල තීරණය කිරීම සඳහා පත් කළ කමිටුවට පිටින් ගොස් ගොස් සංස්ථාව මිල අඩු කරන්නේ නම්, එහි පාඩුව සංස්ථාව විසින් භාරගත යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.