Gossips

අතුරුදන්වූ ධීවරයන් හත්දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ධීවර අමාත්‍යාංශය පවසනවා.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ සඳහන් කළේ නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක්, ඉන්දීය රජයට අයත් ගුවන් යානයක් සහ මාලදිවයිනට අයත් යාත්‍රා කිහිපයක් මේ වනවිටත් මෙහෙයුම් කටයුතු සිදුකරන බවයි.
මේ අතර අතුරුදන්වූ ධීවරයින් හත්දෙනාගේ පවුලේ ඥාතීන් සහ අදාළ ධීවර යාත්‍රාවේ හිමිකරු අද පස්වරුවේ සාකච්ඡාවක් සඳහා ධීවර අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.