Gossips

අනුරාධපුර භියට පත් කළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි ?

වන්නියකුලම් ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුලූ දෙදෙනෙකු අත්අඩංගුවට
අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා කණ්ඩායම් 8 ක් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය 5 වනදා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ අවුරුදු 45 ක් වයසැති අනුරාධපුර – විජයපුර මාවතේ පදිංචිකරුවෙක්.
මෙම ඝාතනයට හේතුව දෙපාර්ශවයක් අතර කළක පටන් පැවති ආරවුලක් බවටයි මීට පෙර අනාවරණ වුණේ.