Gossips

ජපාන ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

බටහිර දිග ජපානයේ ජල ගැලීම් සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 44 දෙනෙකු අතුරුදන්ව සිටින බව ජපාන ආපදා කළමනාකරණ අංශ ප්‍රකාශ කළා.
නිවාස දස දහස් ගණනක් ජලයෙන් යටවී ඇති අතර, මිලියන සංඛ්‍යාත ජනතාව ජල ගැල්මෙන් අවතැන්වී සිටින බවයි විදෙස් වාර්තා සඳහන්කළේ.
ජීවිතාරක්ෂක සහ සහන මෙහෙයුම් සඳහා හමුදා, පොලිස් සහ ගිනි නිවන භටයන් 54,000 ක් යොදවා තිබෙනවා.