Gossips

හිටපු ඇමතිනි විජයකලා යළි ප්‍රභාකරන්ගේ ගුණ වයයි

ප්‍රභාකරන් දෙමළ ජනතාව වෙනුවෙන් වෙහෙසුනු නායකයෙක් බව හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් යළි ප්‍රකාශ කළා.
ඒ, යාපනය ප්‍රදේශය ඉලක්ක කරගෙන විකාශය කෙරෙන රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්.
මෙහිදී පසුගියදා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාතවරයා මාධ්‍ය ඉදිරියේ තමන්ට ලබාගත් දුරකථන ඇමතුම සම්බන්ධයෙන්ද ඇය අදහස් පළ කළා.
‘‘මට යුතුකමක් තිබෙනවා මගේ ජනතාවට සේවය කරන්න ජනතාව තෝරාපත් කරගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට. මගේ හිතේ තිබෙන වේදනාව කියන්න මට අයිතියක් තිබෙනවා. මාධ්‍ය හරහා තමයි ප්‍රශ්නය එළියට එන්නේ. රන්ජන්ට මේක මාධ්‍ය ඉදිරියට ගේන්න අවශ්‍ය නැහැ. මිත්‍රකමටයි මම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ. එයා ෆෝන් එක ස්පීකර් දාලා මාධ්‍ය ඉදිරියට ගත්තා කියලා මම දන්නේ නැහැ. මේක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට තිබෙන වරප්‍රසාද කඩකිරීමක්. එයා මට ද්‍රෝහිකමක් කළා. කාන්තාවකට ද්‍රෝහිකමක් කළා. හිටලර් එක්ක අපේ නායක ප්‍රභාකරන්ව සන්සන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් ක්‍රෑර නැහැ. කැමති වුණත් අකමැති වුණත් ඔහු අපේ භූමිය වෙනුවෙන් සටන් කළා කියල අපි පිළිගන්නවා. අපි වෙනුවෙන් වෙහෙසුනු නායකයෙක්. දකුණේ සිද්ධ වෙන්නේ හිට්ලර් පාලනයක් තමයි. උතුරේ අපිව තියාගෙන ඉන්නේ ඡන්දෙට විතරයි. හැබැයි හිට්ලර්වයි ප්‍රභාකරන්වයි එක තරාදියේ දාන්න බැහැ. මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර එයාලට උදුරගන්න බැහැ. මොකද මම ජනතාවගේ ඡන්දයෙන් මෙතනට ආවේ’’