Gossips

සත්කාරක රුසියාව පැරදූ ක්‍රොඒෂියාව පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

1990 වසරට පසු ප්‍රථම වරට එංගලන්තය පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ඊයේ සුදුසුකම් ලැබුවා.
ඒ, ස්වීඩන කණ්ඩායම ගෝල දෙකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්.
1966 වසරේ පාපන්දු ලෝක ශූරයන් වූ එංගලන්තය මෙවර අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණියේ තුන්වන වතාවටයි.
මේ අතර ඊයේ පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් සත්කාරක රුසියාව පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියාව සමත්වුණා.
තරගයේ සම්පූර්ණ කාලය අවසානයේ දෙපිලම ගෝල දෙක බැගින් ලබාසිටි අතර, දඩුවම් පහරවලින් ක්‍රෝඒෂියාව ගෝල 4 ට 3 ක් ලෙස ජය ලැබුවා.
මේ අනුව ඔවුන් එංගලන්තය සමඟ අවසන් පූර්ව වටයේදී තරග වදිනු ඇති.