Gossips

ගාලූ පාර වසා සිදුකළ හික්කඩුවේ ධීවර විරෝධතාව අවසන්

ගාලූ පාර, හික්කඩුව – තොටගමුව ප්‍රදේශයෙන් වසා ධීවරයන් සිදුකළ විරෝධතාව අවසන් කර තිබෙනවා.
ඊයේ උදෑසන ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කරනු ලැබුවේ අතුරුදන් වූ ධීවරයින් 7 දෙනෙකු සොයාගෙන ලෙස ඉල්ලමින්.
බෝට්ටු සහ ලොරි රථ යොදාගනිමින් තොටගමුව මංසන්ධිය අවහිර කරමින් ධීවරයන් සහ අතුරුදන්වූ ධීවරයන්ගේ ඥාතීන් මෙලෙස විරෝධතාවයේ නිරතවුණා.
කෙසේ වෙතත් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි ඊයේ ප්‍රකාශ කළේ අතුරුදන්වූ ධීවරයන් සෙවීමට සියලූ පියවර ගෙන ඇති බවයි.
ධීවරයන් සෙවීම සඳහා ඉන්දීය රජය මගින් හෙලිකොප්ටරයක්ද යෙදවීමට කටයුතු කළා.
මේ අතර ධීවර අමාත්‍යාංශයේ බලධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ විරෝධතාවයේ නිරත ධීවරයන් හමුවී තිබෙනවා.
එහිදී ධීවරයන් සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත්, ඉහළ බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට ධීවරයන්ට අවස්ථාව ලබාදෙන බවටත් එකඟතාව පළ කර තිබෙනවා.
ඒ අනුවයි ධීවරයන් ගාලූ පාර වසා සිදුකළ විරෝධතාව නවතා දැමීමට පියවර ගෙන ඇත්තේ.