Gossips

ජපානයේ ජල ගැලීම් සහ නායයාම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළට

බටහිර දිග ජපානයේ ධාරානිපාත වර්ෂාව සමඟ ඇතිවී තිබෙන ජලගැලීම් සහ නායයෑම් වලින් මේ වනවිට පුද්ගලයන් 50 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේ පසුගිය බ්‍රහස්පතින්දා සිට අඛණ්ඩව වර්ෂාව ඇද හැලෙන හිරෝෂිමා ප්‍රදේශයටයි.
එහි නිවාස සිය ගණනක් ජලයෙන් යටවී තිබෙනවා.
මිලියන 1.6 ක් පමණ ජනයා මේ වනවිට ජල ගැල්ම නිසා ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කරගෙන ඇති අතර, තවත් මිලියන 3 කට එලෙස ඉවත්වන ලෙස දැනුම්දී ඇති බව සඳහන්.
ජපාන කියෝඩෝ ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ නායයෑම්වලින් ඇතැම් පිරිස් වැළලී ඇති බවයි.
ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට පොලිස්, හමුදා සහ ගිනි නිවන භටයන් දහස් ගණනක් එක්ව සිටිනවා.