Gossips

රුධිර පාරවිලයන සේවය ඇණහිටීමේ අවධානමක්

ජාතික රුධිර පාරවිලයන සේවයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ විවිධ අක්‍රමිකතා හේතුවෙන් රුධිර පාරවිලයන සේවය ඇණහිටීමේ අවධානමක් මතුව තිබෙනවා.
බළධාරීන්ගේ අවධානය මෙම ගැටලුවට යොමු කරවා ගැනීම සඳහා ලබන සදුදා රුධිර පාරවිලයන කටයුතු වලින් ඉවත් වීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ජාතික රුධිර පාරවිලයන සේවයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස පත් කෙරෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදියි.
කෙසේවෙතත් කෙටිකලකින්ම එහි වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙසට ඔහුට උසස්වීමක් ලැබෙනවා.