Gossips

අතුරුදන් වූ ධීවරයින් සෙවීමට ඉන්දීය හෙලිකොප්ටරයක්

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා සෙවීමේ මෙහෙයුම් සදහා ඉන්දීය හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
මෙම ධීවරයින් සොයා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාව හික්කඩුව – තොටගමුව මංසන්ධියෙන් ගාලූපාර අවහිර කරමින් මේ වනවිටත් පැවැත්වෙනවා.
ඔවුන් අද පෙරවරුවේ හික්කඩුව වැරැල්ලාන ප්‍රදේශයේදී ද ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.