Gossips

ජපානයේ ආපදා මරණ 38 දක්වා ඉහළට

බටහිර සහ මධ්‍යම ජපානයේ පවතින දැඩි වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම්වලින් දැනට මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
තවත් 50 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි එම වාර්තාවල දැක්වුණේ.
මේ අතර, කැලිෆෝනියාවේ ගොලීටා නගරයේ ගොඩනැගිල්ලක හට ගත් ගින්නක් මේ වනවිට සීඝ්‍රයෙන් පැතිර යන බව ද වාර්තා වනවා.
ගින්න දැනට ගොඩනැගිලි 20 කට පමණ පැතිර ගොස් ඇති බව සදහන්.