අනුරාධපුර – මල්වතුඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවදානම අවම කිරීමේ අරමුණින් සංවිධාන කර තිබූ අවදානමට පෙර සූදානම වැඩසටහන අද ආරම්භ වුණා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
මල්වතු ඔය ජර්මන් පාලම අසලදී සමාරම්භක උත්සවය පැවති අතර, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.
ඔයේ රොන්මඩ ඉවත් කර එය පුළුල් කිරීමේ කටයුතු මේ යටතේ සිදුකෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
මේ අතර, උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම ද අද ජනාධිපතිවරයා අතින් සිදුවුණා.