Gossips

සොරකම් රැසකට සම්බන්ධ තරුණයන් 6 ක් අත්අඩංගුවට

නිවාස සහ වෙළඳසැල් බිඳ දේපළ සොරකම් කිරීම සහ නවතා ඇති යතුරුපැදි පැහැර ගැනීම ඇතුලු සොරකම් රැසකට සම්බන්ධ තරුණයන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලැබුනු තොරතුරකට අනුව කෝට්ටේ, පිටකෝට්ටේ සහ හෝකන්දර ප්‍රදේශවලදීයි ඊයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.
අවුරුදු 18, 19 සහ 24 වයස්වල පසුවන සැකකරුවන් 6 දෙනා හෝකන්දර සහ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම සැකකරුවන්ගෙන් දීර්ඝව කළ ප්‍රශ්ණ කිරීම්වලදී සොරකම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.
ඒ අතර මිරිහාන ප්‍රදේශයේදී යතුරුපැදියක් සොරා ගැනීම, නිවසක් බිඳ ස්වර්ණාභරණ සොරකම් කිරීම සහ නිවසක් බිඳ දේපළ සොරකම් කිරීමක් ද වනවා.
අතුරුගිරිය, බියගම සහ තලංගම ප්‍රදේශවල වෙළඳසැල් බිඳ දේපළ සොරා ගැනීම මෙන්ම කොළොන්නාව රජමහා විහාරයේ සංඝාවාසය බිඳ දේපළ සොරා ගැනීමට ද මෙම තරුණයන් සම්බන්ධ බවටයි හෙළිවී ඇත්තේ.
සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.