Gossips

තැපැල්පතිවරයාට මාරුවක් – වෘත්තීය සංගම් නොසතුටින්

තැපැල්පති රෝහණ අබේරත්නගේ ස්ථාන මාරුවත් සමඟ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළිත් වරක් අර්බුදයට පත්වීමේ අවදානමක් පවතින බව තැපැල් වෘත්තිය සමිති සඳහන් කළා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව තැපැල්පතිවරයා එම කාර්යාලය වෙත මාරුකර යවා ඇති බවයි තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ නමුත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ තම වෘත්තිය ගැටළු පිළිබඳව අවබෝධයක් පැවති තැපැල්පතිවරයා මාරුවක් ලබාදීම හේතුවෙන් සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබීමද ප්‍රමාද විය හැකි බවයි.
තැපැල් වෘත්තිය සමිති මතුකරන මෙම කාරණය සම්බන්ධයෙන්ද හිරු ප්‍රවෘත්ති අංශය විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ වෘත්තිය සමිති ගැටළුවලට ඉදිරියේදී පත්වන තැපැල්පතිවරයා විසඳුම් ලබාදෙනු ඇති බවයි.