2015 වසරේ සිට මේ දක්වා ඉන්දියාවේ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් 3000කට අධික පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී ඊයේ ප්‍රකාශ වුණා.
ඒ, මහඇමති කේ. පලනිස්වාමි එහි සභාගත කළ වාර්තාවකින්.
එලෙස වැඩිම සරණාගතයන් පිරිසක් එනම්, 1520ක් දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය වසරේදියි.
මේ වසරේ මැයි මාසය දක්වා එලෙස පැමිණි සංඛ්‍යාව 557ක්.
තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් මෙරටට එවීම සඳහා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය සහය ලබාදී තිබෙනවා.
1984 වසරේ මෙරට පැන නැගුණු වාර්ගික ගැටුම්වලින් අනතුරුව ඉන්දියාවට පළා ගිය දෙමළ සරණාගතයින්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ හාර දහසකට අධිකයි.
ඒ අතුරින් 61,422ක් තවදුරටත් තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 24ක කදවුරු 107ක ජීවත් වනවා.
තවත් 35,316ක් කඳවුරුවලින් පිටත නිවහන්වල ජීවත් වන බවයි තමිල්නාඩු ප්‍රාන්ත සභාවට ඊයේ ඉදිරිපත් කෙරුණු වාර්තාවේ දැක්වෙන්නේ.
ඔවුන්ට තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් මෙන්ම ඉන්දීය මධ්‍යම රජයෙන් සහනාධාර හිමි වන අතර මාසික දීමනාවක් සහ අධ්‍යාපන සහාය ඊට ඇතුළත්.
තමිල්නාඩු ප්‍රාන්ත රජය එහි වැසියන් සඳහා ක්‍රියාත්මක කරන ඇතැම් සහනාධාර වැඩසටහන් මගින් ද ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට සහන සැලසෙන බව ප්‍රාන්ත මහඇමතිවරයා සඳහන් කළා.