Gossips

රුපියල තවත් දුර්වල වෙයි

ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම, අපනයනකරුවන් ඩොලර් විකිණීම අභිබවා යාම නිසා රුපියලේ අගය තවදුරටත් දුර්වලවීමක් සති අන්තය වන විට දක්නට ලැබුණා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතිකය ඊයේ (06) දිනයේදී රුපියල් 159යි ශත 20ත් 35ත් අතර සටහන් වූ අතර, ඊට පෙර දිනයේදී එය රුපියල් 159ට අඩු සීමාවක පැවතුණා.
රුපියල මේ වසරේදී මේ දක්වා සියයට 3.7කින් අව ප්‍රමාණ වී ඇති අතර, එය තවදුරටත් අවප්‍රමාණ විය හැකි බව මූල්‍ය වෙළදපොළ තැරැව්කරුවන් පවසනවා.