Gossips

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දඩයම් කළ මුවමස් තොගයක් වනජීවී භාරයට

මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ දඩයම් කළ මුවමස් තොගයක් වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.
වනෝද්‍යානය තුළ පුද්ගලයින් දෙදෙනෙකු මුවන් දඩයම් කරන බවට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ මින්නේරිය වනජීවී නිලධාරීන් වැටලීමක් සිදුකරනු ලැබුවා.
එහිදී දඩයමේ යෙදී සිටි සැකකරුවන් දෙදෙනා පළාගොස් තිබූ අතර එහි තිබී මුව මස් කිලෝග්‍රෑම් 100 ක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක්ද වනජීවී නිලධාරීන් ආරම්භ කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.