Gossips

ලන්ඩනය අද අක්‍රිය වෙයි (ඡායාරූප)

එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායම රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට මුහුණ දෙන අද (07) දිනයේ ලන්ඩනයේ දෛනික ක්‍රියාකාරකම් නතර වනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.
1966 වසරේ ලෝක ශූරයන් වූ එංගලන්තය වසර 28කින් ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් කණ්ඩායම් 04 අතරට පැමිණ නැහැ.
තවත් යුරෝපීය පාපන්දු කණ්ඩායමක් වන ස්වීඩනය පරාජය කළහොත් අද ඔවුන්ට මෙවර තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි වනවා.
ලන්ඩනයේ ගොඩනැගිලි බොහොමයක් මෙන්ම පෞද්ගලික නිවහන් ද ඉංග්‍රීසි ධජවලින් සරසා ඇති අතර, වීථි, අවන්හල් ආදියේ ව්‍යාපාර කටයුතු අද දිනයේ