Gossips

ඊශ්‍රායලයෙන් සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතියට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතියට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
සිරියාව විසින් ඊයේ තම ජෙට් යානාවකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ.
1982 වර්ෂයේ පැවති ලෙබනන් යුද්ධයෙන් පසු සිරියාවට එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බව ඊශ්‍රායලය සඳහන් කළා.
සිරියාව ඊයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානාව විනාශ වූ නමුත් එය පැදවූ නියමුවන් දිවි බේරාගනු ලැබුවේ පැරිෂුට් ආධාරයෙන්.