Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 9ක ජල කප්පාදුවක්

අද (07) පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 09ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ නාරාහේන්පිට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ හදිසි හා අත්‍යාවශ්‍ය ජල – නල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
ඊට අමතරව, එම කාලය තුළදී කොළඹ – 04, කොළඹ – 06, කොළඹ 07, කොළඹ 08, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.