Gossips

අගමැති හෙට සිංගප්පූරුවට

සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට (08) සිංගප්පූරුව බලා පිටත්ව යනවා.
අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂෙයින් ලුන් ඇතුළු ඉහළ පෙළේ නායකයින් ද හමුවීමට නියමිතයි.
ජුලි 9 වන දා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේදී නාගරික සංවර්ධන හා පරිසර සුරැකීම මැයෙන් අග්‍රාමාත්‍යවරයා දේශනයක් ද පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
මේ අතර, වර්තමානයේ රට තුළ භාණ්ඩ මිල ඉහළ ගිය ද රට අස්ථාවරවීමට ඉඩ නොදෙන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
බියගම – සපුගස්කන්ද ප්‍රදේශයේ ඊයේ (06) පැවැති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.