Gossips

වෙල්ගමගෙන් අවවාද

කොට්ඨාශ ක්‍රමය ඇතුළත් මැතිවරණ ක්‍රමය නිසා පළාත් සභා සියල්ල මේ වන විට අකර්මන්‍ය වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා නගනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, මේ බව කියා සිටියේ පළාත් සභා ඡන්ද විමසීම හා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වන සභාව කල් තැබීමේ යෝජනාවට ඊයේ (06) පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.
එහිදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා රාජ්‍ය නායකයෙකු තෝරා පත් කර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ ජනතාව සමඟ සිටින පුද්ගලයෙකු රාජ්‍ය නායකයා විය යුතු බවයි.
එමෙන්ම ඔහු ප්‍රාදේශීය සභාවක හෝ නියෝජිතයෙකු විය යුතු බවත්, ජනතාවගේ දුක හදුනා ගන්නා පුද්ගලයෙකු විය යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ.