Gossips

තායි අනතුරේ 37කගේ මළ සිරුරු සොයා ගැනේ

තායිලන්තයේ ෆූකට් දිවයිනට ඔබ්බෙන් අනතුරට ලක්වූ සංචාරක යාත්‍රාවේ සිටි 37 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට ඉවත් කරගෙන තිබෙනවා.
ඊයේ (06) මෙම යාත්‍රාව ප්‍රචණ්ඩ මුහුදු රළ මධ්‍යයේ අනතුරට ලක්වූයේ චීන සංචාරකයන් ඇතුළු 100කට වැඩි පිරිසක් සමඟයි.
ෆීනික්ස් නැමැති මෙම යාත්‍රාව අඩි 15ක් පමණ උසැති රළ පහරකට හසුවී පෙරළුණු අතර, මළ සිරුරු සොයාගෙන ඇත්තේ ඊට කිලෝමීටර් කිහිපියක් ඈත මුහුදු ප්‍රදේශයෙන්.
ජීවිතාරක්ෂක කබා හැද මුහුද වෙත මුහුණ රුවා සිටි මළ සිරුරු 37ක් මෙලෙස සොයාගත් නමුදු තවත් 18 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි තායි නාවික හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ අතර, තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඉවතට ගැනීම සඳහා කඩිනම් උත්සාහයක් නොදරන බව තායි බලධාරීන් ප්‍රකාශ කළා.
ඒ, ඔවුන්ට තවමත් ජලයේ කිමිද පැමිණීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන්.
මෙම ළමයින්ට ඔක්සිජන් සැපයුම් රැගෙන ගිය හිටපු තායි නාවික හමුදා සීල් භටයෙකු නැවත පැමිණෙන විට ඔක්සිජන්