Gossips

ඕස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයක්

විස්සයි විස්ස තුන්කොන් තරඟාවලියේ සිම්බාබ්වේ සමඟ අද (06) පැවැති තරඟයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 151ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5ක් තුළ සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.