Gossips

ඉනිමක පරාජයෙන් ගැලවෙන්න බංගලියන් අසීරු සටනක

සංචාරක බංග්ලාදේශ කණ්ඩයම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසන් වන විට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 363ක ඉලක්කයක් හඹා යන බංගලාදේශ කණ්ඩායම ඉතා අසීරු තත්වයකට පත්ව සිටිනවා.
තරඟයේ දෙවන දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06ක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 62ක්.
බංග්ලාදේශ දෙවන ඉනිම සුණු විසුනු කළ ෂැනන් ගේබ්‍රියල් බංග්ලාදේශ කඩුලු 04ක් බිඳ දැමූ අතර ජේසන් හෝල්ඩර් කඩුලු 02ක් බිඳ දැමුවා.
සිය පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 406ක් රැස් කළේ බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකණු 43ට පිළිතුරු වශයෙන්.
එහිදී කොදෙව් පිළ වෙනුවෙන් ක්‍රෙග් බ්‍රාත්වෙයිට් ලකුණු 121 ක් රැස් කළ අතර ෂායි හෝප්ස් ලකණු 67ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.
ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා බංග්ලාදේශ කණ්ඩයමට තවත් ලකුණු 301ක් රැස්කර කරගත යුතුව තිබෙනවා.
ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 04ක් පමණයි.