ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලැබුණු උපදෙස් මත පැවති මිලටම ඉන්ධන අලෙවි කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද උදෑසන දක්වා වැඩි මිලට ඉන්ධන අලෙවි කළත්, මේ වන විට යළිත් පෙර පැවති මිලටම ඉන්ධන අලෙවි කරන බවයි ඔවුන් කියා සිටියේ.
මේ අතර සියලුම ඉන්ධන බෙදුම්කරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ බෙදුම්කාරත්වධුර ගිවිසුම්පත අනුව සංස්ථාවේ ලිඛිත අවසරයකින් තොරව ඉන්ධන මිල ගණන් සංශෝදන කිරීමට පිරවුම්හල්වලට නොහැකි බවයි.
පුවත් පදනම් කර ගනිමින් ඉන්ධන මිල ගණන් වෙනස් කිරීම කිසිසේත් සිදු නොකළ යුතු අතර එය බෙදුම්කාර ගිවිසුම බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව ද එම නිවේදනයේ දැක්වෙනවා.