Gossips

සිංහල රාවයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක්

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිංහල රාවය සංවිධානය අද (06) ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදෙනු ලැබුවා.
ඉන් අනතුරුව එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඒ පිළිබඳව මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් කියා සිටියේ ඇය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි.
මේ අතර, උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිවරියට සහයෝගය පළ කරමින් පෝස්ටර් කිහිපයක් ප්‍රදර්ශනය කර තිබූ බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.
හිටපු රාජ්‍ය ඇමතිවරියට විරෝධය පළ කරමින් කැස්බෑව නගර සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද නගර සභාව ඉදිරිපිට කළු පටි පැළද විරෝධතාවක නිරත වුණා.