Gossips

සඳුදා ත්‍රිකුණාමලයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

ලබන 9 වන සඳුදා පෙරවරු 8 සිට අඟහරුවාදා පෙරවරු 8 දක්වා පැය 24 ක කාලයක් ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
මොල්ලිපොතාන – තඹලගමුව පැරණි නල මාර්ගයේ ජල කාන්දුවක් හේතුවෙන් නව නල මාර්ගයක් ස්ථාපිත කිරීම සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එමගින් නිවේදනය කළේ.
ඒ අනුව, තඹලගමුව , ත්‍රිකුණමලය නගරය, කින්නියා සහ කුච්චවේලි බල ප්‍රදේශයේ එක් කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.