Gossips

පැවති මිලටම ඉන්ධන

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලැබුනු උපදෙස් මත පැවති මිලටම ඉන්ධන අලෙවි කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසනවා.
මේ අතර සියලුම ඉන්ධන බෙදුම්කරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ බෙදුම්කාරත්වධුර ගිවිසුම්පත අනුව සංස්ථාවේ ලිඛිත අවසරයකින් තොරව ඉන්ධන මිල ගණන් සංශෝදන කිරීමට පිරවුම්හල්වලට නොහැකි බවයි.
පුවත් පදනම් කර ගනිමින් ඉන්ධන මිල ගණන් වෙනස් කිරීම කිසිසේත් සිදු නොකළ යුතු අතර එය බෙදුම්කාර ගිවිසුම බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව ද එම නිවේදනයේ දැක්වෙනවා.