Gossips

ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනපති දුන් විශේෂ නියෝගයේ ඇත්ත නැත්ත මෙන්න ?

මුදල් අමාත්‍යාංශය ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් පහත දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම්දීමක් සිදුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක
ඊයේ මාධ්‍ය රාත්‍රියේ සිට පෙට්‍රල් ෂෙඩ් වලට ගොස් මේ මිලට තමයි එම ආයතන විකුණා දැමුවේ.හැබැයි ජනාධිපතිවරයා විසින් දැන් තෙල් සංස්ථාවට නියෝග කරලා තියෙනවා පරණ මිලටම තෙල් ලබාදෙන්න කියලා.ඒ නිසා අපිට පළමු කොටම දැනගන්න ඕනේ මේ සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ගත්තද? අනිත් එක තෙල් සංස්ථාවෙන් වැඩිකර තිබියදී ජනාධිපතිවරයා නැවත අඩු කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිළ වශයෙන් මෙතෙක් නිවේදනයක් නිකුත් කර නෑ.
ඉන්ධන මිල සූත්‍රයට අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 9 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා.
ඒ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ද අනුමැතිය හිමිවූ බවයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.
කෙසේ වෙතත්, ඊයේ සිදුකළ මිල සංශෝධනයේදී භූමිතෙල් මිලෙහි සංශෝධනයක් සිදුකෙරුණේ නැහැ.
ඉදිරියේදීත් භූමිතෙල් මිලෙහි ඉහළ යාමක් සිදු නොවන බවයි මිල සූත්‍ර කමිටුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
දැනට පවතින මිල සූත්‍රයට අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනය වන අතර, ලබන සැප්තැම්බර් 5 වන දින යළි ඉන්ධන මිල සංශෝධනය සිදුකෙරෙනවා.
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
රජය ගත් තීරණයකට අනුව, රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව, එහි නව මිල වූයේ රුපියල් 145 ක්.
රුපියල් 148 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ දමා ඇති අතර, එහි නව වූයේ රුපියල් 155 ක් .
ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා තිබුනේ රුපියල් 09 කින්.
ඒ අනුව රුපියල් 109 ක්ව පැවති ඩීසල් ලීටරයක නව මිල වූයේ රුපියල් 118 ක්.
එමෙන්ම, රුපියල් 119 ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10 කින් ඉහළ දැමූ අතර, එහි නව මිල වූයේ රුපියල් 129ක්.
මීට පෙර පසුගිය මැයි මස 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක රුපියල් විස්සකින් ඉහළ දැමුණා.
එදින ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් ඉහළ දැමුණු අතර, සුපර් ඞීසල් ලීටරයක මිල ද රුපියල් 9 කින් ඉහළ දැමුණා.
මේ අතර, ලංකා අයි. ඕ.සී සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා.
එම මිල ඉහළ නැංවීම සංස්ථා ඉන්ධන මිල ඉහළ නැංවීමට වඩා ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක්.
ලංකා අයි. ඕ.සී ප්‍රකාශයට පත් කළ නව මිල ගණන් වලට අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක් වන අතර, එක්ස්ට්‍රා මයිල් ලීටරයක නව වූයේ රුපියල් 122 ක්.
ලංකා සුපර් ඩීසල් හෙවත් යුරෝ – 04 ලීටරයක නව මිල රුපියල් 129 ක් වන අතර, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 146 ක් ලෙස ප්‍රකාශයට පත් කළා.
ලංකා අයි. ඕ.සී එක්ස්ට්‍රා පිි‍්‍රමියම් හෙවත් යුරෝ – 3 ලීටරයක නව මිල රුපියල් 149 ක් ලෙසත්, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 හෙවත් යුරෝ – 04 ලීටරයක නව මිල රුපියල් 158 ක් ලෙසත් ප්‍රකාශයට පත් කෙරුණා.
පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් සමාගමට දරන්නට සිදුව ඇති පාඩුවෙන් කොටසක් ගෙවා ගැනීම සදහා අදාළ මිල වැඩි කිරීම සිදුකළ බවයි ලංකා අයි. ඕ.සී. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති සිද්ධාර්ත් අගර්වාල් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.