Gossips

බලපත්‍ර නොමැතිව විදේශ මත්පැන් විකුණූ සැකකරුවෙකු අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව විදේශීය මත්පැන් විකුණූ සැකකරුවෙකු කොළොන්නාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී විදේශීය මත්පැන් බෝතල් 20 ක් සහ රුපියල් හතලිස් පන්ලක්ෂයක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
47 හැවිරිදි සැකකරු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත යොමුකර ඇති අතර, අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.