Gossips

විගණන පනත සම්මතයි

ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
අද දිනයේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටද නියමිතයි.
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්දැමීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, අනතුරුව පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූයේ ඒ සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටයි.
දෙමළ ජාතික සන්ධානය විසින් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වූ විවාදයේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.