මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්රයේ මතුව ඇති ගැටළු පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ඊයේ (05)පැවති මෙම සාකච්ඡාවේදී කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් මුහුණ දී සිටින ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
රත්‍රං සඳහා පැනවූ 15% ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා එහි ඇති අහිතකර ප්‍රතිවිපාක පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.
ඒ සඳහා යෝජනා කිහිපයක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමටයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන ඇත්තේ.
මැණික් ගැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් නිර්දේශ ලබාගැනීමේ ගැටලූ සහ ප්‍රමාදයන් පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා.
දැනට විසඳුම් ලබාදිය හැකි ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබාදීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා අනෙකුත් ගැටලූ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් යළිත් එළැඹෙන 12 වැනිදා සාකච්ඡාවක් කැඳවීමට ද උපදෙස් ලබාදී තිබෙනවා.