කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර 90 වන වරට පැවති සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.
කොළඹ SSC ක්‍රීඩාංගනයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්ද ක්‍රීඩකයන් පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 269ක් රැස් කළ අතර ආනන්ද විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 232 ක් ලබා ගත්තා.
තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට නාලන්ද විද්‍යාලය සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 216ක්.
සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන් වූ 71 වන අවස්ථාව මෙයයි.
මේ අතර කොළඹ ඉසිපතන විද්‍යාලය සමග 39 වන වරට පැවති වාර්ෂික එක්දින තරගය ලකුණු 139 කින් ජය ගන්නට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් වුණා.
කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවතී මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු256ක් රැස් කලා.
පිළිතුරු ලෙස ඉසිපතන විද්‍යාලයට පන්දුවාර 36ක් තුළ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 116ක් පමණයි.
rn