Gossips

9 වන දා මැදියම් රැයේ සිට බස් සේවකයින් වර්ජනයක

ලබන 09 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසනවා.
රජය මගින් ගෙන එන නව රුපියල් 25,000 දඩයෙන් අධික වේගයෙන් රිය ධාවනය සහ වමෙන් ඉස්සර කිරීමේ නීතිය ඉවත් කිරීමත්, බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ සඳහා එක් වර්ණයක් හඳුන්වාදීමට එරෙහිව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි මෙම සංකේත බස් වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ.
මේ අතර, ලබන 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දෙදින වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ද තීරණය කර තිබෙනවා.
වැටුප් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් සිදුකරන මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් ද එක්වන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.