Gossips

8 ක් රෝහල්ගතකළ පාසල් වෑන් රථ අනතුර (ඡයාරූප)

මොරටුව නගරයේදී අද උදෑසන පාසල් වැන් රථයක් අනතුරට ලක්වීමෙන් පාසල් දැරියන් 8 දෙනෙකු සහ කාන්තා පාලිකාවක් තුවාල ලබා තිබෙනවා.
ඔවුන් පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අදාළ පාලිකාව වැඩිදුර පරීක්ෂණ කටුයුතු සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ සිසුවියන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් සිසුවියන් 6 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පාසල් වෑන් රථය ගාලු පාරේ පානදුර දෙසට ගමන්කරමින් තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුනා.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා සහ මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කරන්නේ රියදුරන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මොරටුව පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.