Gossips

76 ලක්ෂයකට අධික වටිනා ස්වර්ණාභරණ ගුවන් තොටුපොළේ දී අල්ලයි (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට ස්වර්ණාභරණ තොගයක් මෙරටට ගෙන ආ විදේශිකයෙකු ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා නෝවීජියානු පුරවැසි භාවය ලබාගත් ශ්‍රී ලාංකිකයෙකු බවයි රේගුව පවසන්නේ.
මත් පැන් බෝතල් අඩංගු ඇසුරුම් පෙට්ටි තුළ සඟවාගෙනයි සැකකරු මෙම ස්වර්ණාභරණ මෙරටට රැගෙනවිත් ඇත්තේ.
සොයාගත් ස්වර්ණාභරණ රුපියල් 76 ලක්ෂයකට අධික වටිනාකමකින් යුක්ත වන බවයි රේගුව සඳහන් කළේ.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල