71 වන ජාතික නිදහස් දින සැමරුමේ ආචාර පෙළපාලිය ගමන් කිරීම මේ වනවිට ආරම්භවී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතික නිදහස් දින සැමරුම ඇමතීමෙන් අනතුරුවයි ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ ආචාර පෙළපාලි ගමන් කිරීම ආරම්භ කරනු ලැබුවේ.
ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම ජාතික ශිෂ්‍ය භට බලකායේ සාමාජිකයන් 7504 ක් සහභාගිවී සිටිනවා.
ඉන් අනතුරුව සිදු කෙරෙන සංස්කෘතික පෙළපාලිය සඳහා සහභාගිවන නර්තන සහ වාදන ශිල්පීන් සංඛ්‍යාව 865 ක්.