Gossips

70 වන ඉන්දීය ජන රජය දිනය අද සැමරේ

70 වන ඉන්දීය ජන රජ දිනය නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව පරිශ්‍රයේ අද පැවැත්වෙනවා.
සුප්‍රකට ඉන්දියා ගේට් හිදී රණවිරු ස්මාරකයට මල් කළඹක් පුදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ආරම්භ කරන ජන රජ සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සහභාගි වනු ඇති.
ඉන්දියාවේ සියළුම ප්‍රාන්තවල සහභාගීත්වයෙන් විනාඩි 90ක් පුරා පැවැත්වෙන සමරු පෙළපාලිය සඳහා සාම්ප්‍රදායික සංස්කෘතික අංග ද ඇතුළත් වන අතර, ආරක්ෂාව සඳහා නවදිල්ලියේ 25,000ක පොලිස් භට පිරිසක් යොදවා තිබෙනවා.