Gossips

68 වන ගුවන් හමුදා සංවත්සරය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේදී අද පැවැත්වුණා.
මෙහිදී ගුවන් හමුදා අංක හත හෙලිකොප්ටර් බලගණය සහ අංක 8 සැහැල්ලූ ප්‍රවාහන බලගණය ජාතිය දේශය වෙනුවෙන් සිදුකළ සේවාවට ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
එහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ වෘත්තීය නිපුණත්වය, තාක්ෂණික දැනුම, විනයගරුක බව සහ කැපවීම ආදී ගුණාංග හේතුවෙන් ලොව දියුණු ගුවන් හමුදාවන් සමග උරෙන් උර ගැටී කටයුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු වන බවයි.
එමෙන්ම, ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව සංවිධාන කෙරුනු එයාර් ටැටූ – 2019 ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා.
එහි නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා නව වෙබ් අඩවියක් ද විවෘත කළා.
එම ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය අද සිට ලබන 6 වනදා දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වෙනවා.