Gossips

66 දෙනෙකු සමඟ ඉරාන ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

ඉරානයේ ටෙහෙරාන් නුවර – මෙහෙරාබාද් ගුවන් තොටුපලෙන් අභ්‍යන්තර ගුවන් ගමනක් සඳහා නික්මුණු මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පිරිස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 06 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරාන ප්‍රවෘත්ති සේවා සඳහන් කළේ එය මධ්‍යම ඉරානයේ කඳුකර ප්‍රදේශයකදී යානය අනතුරට ලක් ඇති බවයි.
ටෙහෙරාන් නුවරට කිලෝමීටර 80 ක් පමණ උතුරු දෙසින් පිහිටි සෙමිරෝම් ප්‍රදේශයේදී එය රේඩාර් තිරයෙන් අතුරුදන්වූ බවයි ඉරාන බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ.