Gossips

6 වන දා සිට යළි සුළං වැඩිවෙයි

දිවයින තුළ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් ලබන 6 වන දා සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විශේෂයෙන් සබරගමුව පළාතට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.
මේ අතර, අධික වැසිත් සමඟ රත්නපුර – කලවාන ප්‍රධාන මාර්ගයේ කම්බාගල පාලම ගිලාබැසීම හේතුවෙන් අද උදෑසන සිට ඒ හරහා වාහන ධාවනය නවතා ඇති බවයි නිවිතිගල පොලීසිය කියා සිටියේ.
එමෙන්ම විමලසුරේන්ද්‍ර ජලාශය ද අද පෙරවරුවේ සිට වාන් දැමීම ආරම්භ වී ඇති බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ.