Gossips

50,000 ක අල්ලසක් ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු අල්ලයි

රුපියල් 50,000 ක අල්ලසක් ලබාගැනීීමට තැත් කිරීමේ චෝදනාව මත පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිය කාර්යාලය තුළදී, වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් මොහු මෙම අල්ලස් මුදල ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් පරික්ෂකවරයා වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් ඇපෑලක්ද ඉදිරිපත් කර ඇති අතර, යළි සේවයේ ස්ථාපිත කිරීමට නිර්දේශ කිරිම සඳහා මෙම ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඔහුගෙන් ඉල්ලා තිබෙනවා.
පසුව එය රුපියල් ලක්ෂය දක්වා අඩු කරගෙන ඇති අතර, ඉන් කොටසක් ලෙස රුපියල් 50,000 ක මුදලක් ලබාගැනීමේදියි සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.