Gossips

5 හැවිරිදි දැරියක අපයෝජනය කළ 76 හැවිරිදි පුද්ගලයෙකුට වසර 8ක සිර දඬුවම්

පස් හැවිරිදි දැරිවියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ අවුරුදු 76ක පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩසහිත වසර 08ක සිර දඩුවම් නියම කළා.
මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.
මීට අමතරව විත්තිකරුට රුපියල් 20,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා දැරියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළා.
2009 වසරේ ඔක්තොම්බර් මාසයේදී මෙම සිද්ධිය වාර්තා වී තිබුණා.