5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් කිරීමට ලබන සතියේදී කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මහනුවර – හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
