Gossips

5 ශිෂ්‍යත්වයේ ඇගයීම් කටයුතු 15 වනදා ඇරඹේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 කදී ලබන 15 වැනිදා සිට 21 වැනිදා දක්වා ඇගයීම් මණ්ඩල 428 ක් යටතේ සිදුකිරීමට නියමිතයි.
ඒ සඳහා ගුරුවරුන් 6,848 දෙනෙකු සහභාගී වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරේ කටයුතු මේ මස 23 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා සිදුකෙරෙනවා.
ඇගයීම් මණ්ඩල 572 ක් යටතේ ගුරුවරුන් 8,432 සහභාගීත්වයෙන් එම ඇගයීම් කටයුතු සිදුකෙරෙනු ඇති.
එම කාලසීමාව තුළ පාසල් 37 ක් වසා දැමෙන අතර, එම පාසල් මෙම වසරේ තුන්වන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ ලබන මස 06 වනදායී.